ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ, භාෂා අධ්‍යන අංශය මඟින් සංවිධානය කළ “වින්දනීය ජීවිතයකට මගක්” වැඩසටහන 2024/10/02 වන දින පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍ය ඔලගංවත්තේ චන්ද්‍රසිරි හිමියන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුශාසකත්වය යටතේ සිදුකළ මෙම අවස්ථාව සඳහා සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඊ. එම්. එස්. ඒකනායක මහතා ඇතුළු පීඨයේ අධ්‍යයන අනධ්‍යයන කාර්යය මණ්ඩලය සහ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය විද්‍යාර්ථයින් බොහෝ පිරිසක් සම්බන්ධ විය.