University WebRUSL MailLMSSMS ERP Newsletter Vacancies Alumni
Menu
  • Home
  • Administration
    • About the Faculty
    • Dean’s Office
    • Assistant Registrar’s Office
    • Exam Branch
    • Accounts Branch
  • Academic
    • Programs
      • Undergraduate
        • Internal Degrees Programs
        • External Degree Programs
      • Postgraduate
        • Post Graduate Diploma
      • Diplomas
      • Certificate Courses
      • Short Courses
    • Departments
      • ARCHAEOLOGY & HERITAGE MANAGEMENT
      • ECONOMICS
      • ENGLISH LANGUAGE TEACHING
      • ENVIRONMENTAL MANAGEMENT
      • HUMANITIES
      • INFORMATION TECHNOLOGY
      • LANGUAGES
      • SOCIAL SCIENCES
    • Units
      • Education Science Unit
    • IQAC
  • Services
    • Student Counselors
    • E-learn
    • Library
    • Faculty Information System
    • Career Guidance
    • Computer Center
    • Cultural Center
    • Sports
    • Student Hand Book
  • Research & Publications
    • Samodana Journal
    • International Research Symposium (IRSSSH)
    • National Research Symposium (NRSSSH)
    • Undergraduate Research Symposiums (URSSSH)
    • Department publications
      • Archaeology & Heritage Management
      • Economics
      • Environmental Management
      • Humanities
      • Languages
      • Social Sciences
    • Research & Publication Committee
  • Collaborations
  • Contact
  • Home
  • Graduate Profile
  • Curriculum
  • Academic Staff
  • Non Academic Staff
  • Facilities
  • Publications
  • Activities
  • Students
  • Contact

Activities

Guest Lecture Series



Events for Students

දිය කැට පහණ – මංගල දියවර

නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගය – 2022

සම්මාන ප්‍රදාන රාත්‍රිය


දිය කැට පහණ ගායනාභිෂේකය


දිය කැට පහණ සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමී ග්‍රන්ථ එළිදැක්වීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය භාෂා අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරෙන නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගය – 2022

රජරට විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථින්ගේ නිර්මාණාත්මක හා විචාරාත්මක කුසලතා ඇගයීමේත්, වැඩිදියුණු කිරීමේත් අරමුණින් මෙම තරගය සංවිධානය කෙරේ. 

පහත සඳහන් තරග අංශ යටතේ නිර්මාණ භාරගැනේ.

  • කාව්‍ය නිර්මාණ
  • කෙටිකතා නිර්මාණ
  • ගීත නිර්මාණ
  • කෙටි නාට්‍ය පිටපත්
  • සාහිත්‍ය විචාර
  • ඡායාරූප
  • ගායන (Cover versions of songs)

තරග අංශ පිළිබඳ තොරතුරු

කාව්‍ය නිර්මාණ
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ සඳැස්, නිසඳැස්, කෙටි කවි ඇතුළු ඕනෑම ආකෘතියක කාව්‍ය නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.

කෙටිකතා නිර්මාණ
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ කෙටිකතා නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.

ගීත නිර්මාණ
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ නව ගීත නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.

කෙටි නාට්‍ය පිටපත්
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ කෙටි නාට්‍ය පිටපතක් ඉදිරිපත් කළ හැකිය.

සාහිත්‍ය විචාර
අභිමත ඕනෑම කවි පන්තියක්, කෙටිකතාවක්, නවකථාවක්, වේදිකා නාට්‍යයක්, ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් පිළිබඳ විචාරයක් ඉදිරිපත් කළ හැකිය. ඔබ කැමති නම් යම් විචාරවාදයක් යටතේ මෙම විචාර ඉදිරිපත් කළ හැකිය. උදා: ස්ත්‍රීවාදය, මනෝවිශ්ලේෂණවාදය…

ඡායාරූප
ඡායාරූපකරණයේ යෙදෙන ඔබ විසින් ගන්නා ලද එක් ඡායාරූපයක් මෙම තරග අංශය යටතේ ඉදිරිපත් කළ හැකිය.

ගායන  (Cover versions of songs)
ගායනයේ යෙදෙන ඔබ විසින් කරන ලද ගායනයක් (A cover version of a song) පැහැදිලි පටිගත කිරීමතින් යුතුව ඔබේ මුහුණ පෙනෙන පරිදි කරන ලද වීඩියෝවක් වශයෙන් මෙම තරග අංශය යටතේ ඉදිරිපත් කළ හැකිය.

පොදු කොන්දේසි හා තොරතුරු

– සියලුම නිර්මාණ මාර්ගගත ක්‍රමයට භාරගැනේ.

– එක් අයදුම්කරුවකුට ඕනෑම තරග අංශයක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, එක් තරග අංශයක් සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ එක් නිර්මාණයක් පමණකි.

– සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍යද්වයෙන්ම නිර්මාණ භාරගැනේ.

– කාව්‍ය නිර්මාණ, කෙටිකතා නිර්මාණ, කෙටි නාට්‍ය පිටපත් හා සාහිත්‍ය විචාර පහත නිර්දේශවලට අනුකූලව Doc සහ PDF මෘදු පිටපත් වශයෙන් ඉදිරිපත් කළ යුතුය.

  • පිටුවේ සැකසුම  – A4 size, Normal margins 
  • අක්ෂර වර්ගය හා ප්‍රමාණය – FMAbhaya/ Times New Roman, Size 12
  • පේළි අතර පරතරය – 1.5
  • පිටු අංකනය කර තිබිය යුතුය.

– නිර්මාණ අන්තර්ගතයේ ඔබගේ නම ඇතුළු පෞද්ගලික තොරතුරු කිසිවක් සඳහන් නොකළ යුතු අතර, මේ සමග ඇති අයදුම්පත්‍රය හෝ විචාරය පුරවා ඔබගේ නිර්මාණය සමග අමුණා ඉදිරිපත් කළ යුතුය.

– ඔබ විසින් එවන ලද නිර්මාණය හෝ විචාරය ස්වකීය නිර්මාණයක් හෝ ස්වකීය නිර්මාණයක් නොවන බව හෙළිදරව් වුවහොත් නිර්මාණය හෝ විචාරය අවලංගු වන අතර, යම් හෙයකින් නිර්මාණයක් හෝ විචාරයක් ජයග්‍රහණය ලද පසුව එවැනි හෙළිදරව් වීමක් සිදු වුවහොත් එම ජයග්‍රහණය අවලංගු වේ.

– ඔබගේ නිර්මාණ හා විචාර අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය මණ්ඩලයක් විසින් විනිශ්චයට බඳුන් කෙරේ. ජයග්‍රාහී සාහිත්‍ය නිර්මාණ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය මණ්ඩලයක් විසින් සංස්කරණයට ලක් කෙරෙන අවස්ථාවලදී එම සංස්කරණ යෝජනා පිළිගැනීමට අයදුම්කරුවෝ බැඳී සිටිති.

– ගායන තරග අංශය (Cover versions of songs) යටතේ ඉදිරිපත් කරනු ලබන නිර්මාණ අතුරින් තෝරාගනු ලබන ගායන උත්සව දිනයේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නැවත සජීවීව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරග අංශයේ ජයග්‍රාහකයන් තේරීම සිදුකෙරෙනු ඇත. ඉදිරිපත් කරනු ලබන ගායන අතුරින් එසේ සජීවීව ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන ගායන පිළිබඳ අදාළ තරගකරුවන් දැනුම්වත් කෙරේ.

– සියලුම අංශ යටතේ ප්‍රථම ස්ථානය ලබාගන්නා නිර්මාණ හා විචාරවලට ත්‍යාග, ඵලක හා සහතිකපත්‍ර පිරිනැමෙන අතර දෙවන හා තෙවන ස්ථාන සඳහා සහතිකපත්‍ර පිරිනැමේ. ජයග්‍රාහී කාව්‍ය නිර්මාණ, කෙටිකතා නිර්මාණ, කෙටි නාට්‍ය පිටපත්, සාහිත්‍ය විචාර හා ඡායාරූප 2022 මාර්තු මස 22වන දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා, ප්‍රවීණ කලාකරුවන් සහ විචාරකයන්ගේ සහභාගීත්වයෙන් e-නිර්මාණ සංග්‍රහයක් ලෙස එළිදැක්වෙන අතර, ජයග්‍රාහී ගායන (Cover versions of songs) හා ඡායාරූප ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ නිල Facebook පිටුවේ, නිල YouTube නාලිකාවේ සහ තවත් මාධ්‍ය ජාලවල පළ කරනු ලැබේ. ජයග්‍රාහී ගීත නිර්මාණ ලංකාවේ ප්‍රසිද්ධ හා සම්භාව්‍ය ගායකයින් ලවා ගායනය කරවා එළිදැක්වෙනු ඇත. ගායන අංශය යටතේ හඳුනාගන්නා කුසලතාපූර්ණ තරගකරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට උත්සව දිනයේ ස්වකීය ගායන වාදන කුසලතා එළිදැක්වීමේ අවස්ථාව හිමි වේ.

– ඔබගේ නිර්මාණ හෝ විචාර නිවැරදිව පුරවන ලද අයදුම්පත සමග පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. විද්‍යුත් ලිපියේ මාතෘකාව (Subject) ලෙස ඔබ ඉදිරිපත් වන තරග අංශය සඳහන් කරන්න.
rusllanguagesinetcommunity@gmail.com

– නිර්මාණ හා විචාර භාරගැනීමේ අවසාන දිනය 2022 මාර්තු මස 10වන දින වේ. 

අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රය මෙතැනින් බාගත කරගන්න.

Application

Instruction

Faculty of Social Sciences & Humanities
Quick Links
  • About the Faculty
  • Notices
  • Internal Undergraduate Degrees
  • External Undergraduate Degrees
  • Diplomas
  • Certificate Courses
Contact Us
Faculty of Social Sciences and Humanities

Rajarata University of Sri Lanka, Mihintale (50300), Sri Lanka

Phone : (+94) 25-226 6818

Fax : (+94) 25-2266788

Email : sudath@ssh.rjt.ac.lk

Copyright © 2016. All rights reserved. Design by Department of IT-FSSH (2023)