HINDI READING CIRCLE (හින්දී කියවීම් කවය)
Wrapped up an inspiring evening on 1st of celebrating the richness of Hindi literature and poetry under the Thuru Sevana!
A huge thank you to everyone who joined us, shared their thoughts, and made our very first session a resounding success. Stay tuned for our next gathering!

The Workshop on Haiku Contest
Reflecting on a Memorable Learning Experience!
The Workshop on Haiku Contest, organized by the Department of Languages, Rajarata University of Sri Lanka, was successfully held on August 31, 2026.
Special thanks to Ms. Noriko Nagai and our dedicated JICA resource persons (Mr. Mekaru, Mr. Suzuki, Mr. Yamashita, Ms. Kogure, and Ms. Ogata) for guiding our students through the beautiful world of Haiku poetry. Thank you to everyone who joined us and contributed to this wonderful event!

The second issue of Lumina
The Department of Languages, Faculty of Social Sciences and Humanities is excited to announce that submissions are now open for the second issue of Lumina, the first multi-lingual e-magazine!
If you are a FSSH undergraduate looking to share your creativity, ideas, and academic voice, we want to hear from you.
𝗞𝗲𝘆 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀:
𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲𝘀 𝗢𝗳𝗳𝗲𝗿𝗲𝗱: Sinhala, English, Hindi, Chinese, Japanese, and French
𝗦𝘂𝗯𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻 𝗖𝗮𝘁𝗲𝗴𝗼𝗿𝗶𝗲𝘀:
𝗘𝘀𝘀𝗮𝘆𝘀: Any topic (Minimum 1,000 words)
𝗦𝗵𝗼𝗿𝘁 𝗦𝘁𝗼𝗿𝗶𝗲𝘀: 2–3 pages
𝗣𝗼𝗲𝘁𝗿𝘆: Any genre or topic
𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆: 1 photograph capturing a unique perspective
𝗣𝗼𝘀𝘁𝗲𝗿: Any theme of your choice
𝗛𝗼𝘄 𝘁𝗼 𝗦𝘂𝗯𝗺𝗶𝘁: luminamagazine.rusl@gmail.com
𝗗𝗲𝗮𝗱𝗹𝗶𝗻𝗲: On or before 𝟮𝟭𝘀𝘁 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟮𝟬𝟮𝟲 We are thrilled to provide a platform to showcase your creativity and celebrate your unique talents!

වින්දනීය ජීවිතයකට මඟක් – 30‘ස්වර සන්ධ්‍යාව’
‘වින්දනීය ජීවිතයකට මඟක්’ වැඩසටහනට සමගාමීව පැවැත් වූ සිංහල – හින්දී ගීතයන්හි රස විමසන ‘ස්වර සන්ධ්‍යාව’ සමාජීයවිද්‍යා හා මානවශාස්ත්ර පීඨය ඉදිරිපිට තුරු සෙවණේ දී සාර්ථකව පවත්වන ලදි. භාෂා අධ්‍යයනාංශයේ ශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්වලින් මෙම වැඩසටහන වර්ණවත් විය.

Book Donation and Knowledge Dissemination Programme
A Book Can Change a Life. Today, We Shared Hope.
The Languages Club of the Department of Languages, Faculty of Social Sciences and Humanities had the privilege of reaching the little hearts of Aluth Punchikulama Vidyalaya, Punchikulama, a rural school in the Tirappane Divisional Secretariat Division, Anuradhapura, through a Book Donation and Knowledge Dissemination Programme as part of its Community Service Programme.
As part of this initiative, the Languages Club, together with the generous support of the Tirappane Divisional Secretariat, donated a collection of library books and essential stationery to support the students’ education, nurture a love for reading, and create brighter learning opportunities for these young minds.
The Languages Club members also conducted a variety of educational, motivational, and entertaining activities, creating a joyful and engaging learning experience for the children. Their enthusiasm, curiosity, and cheerful participation filled the day with laughter, learning, and unforgettable memories, making the programme a truly rewarding experience for everyone present.
We extend our heartfelt gratitude to the Divisional Secretary and the entire team of the Tirappane Divisional Secretariat for their generous contribution and invaluable support. Our sincere thanks also go to the Principal, teachers, and parents of Aluth Punchikulama Vidyalaya for their warm hospitality and collaboration in making this programme a meaningful success. Together, we can make a lasting difference—one book, one child, and one dream at a time.

භාෂා සංසදයේ (Language Club) හතරවන නිල හමුව
භාෂා අධ්‍යයනාංශයේ භාෂා සංසදයේ (Language Club) හතරවන නිල හමුව 2026 ජූලි මස 23 වන දින සාර්ථකව පවත්වන ලදි. එහි දී සංසදයේ ඉදිරි කටයුතු හා සමාජ සත්කාර ව්‍යාපෘති සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයකට එළඹිණි.

‘විශ්ව සාහිත්‍යයේ නව ප්රවණතා හා දෘෂ්ටිවාද’ පිළිබඳ කෙරුණු සාහිත්යික සම්භාෂණය
නූතනය වන විට විශ්ව සාහිත්‍යයේ පැන නැඟී ඇති නව ප්රවණතා හා දෘෂ්ටිවාද අධ්‍යයනය කිරීමෙන් සිංහල සාහිත්‍යයේ මෙතෙක් නොදුටු ශානරීය විචිත්‍රත්වයක් අත්පත් කර ගත හැකි ආකාරය, ශාස්ත්රාලයීය ප්‍රජාව වෙත හඳුන්වා දීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ සාහිත්යික සම්භාෂණය 2026 ජූලි 8 බදාදා ප.ව. 12.30ට ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශාස්ත්ර පීඨයේ 20 ශාලාවේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි.
සංවිධානය:
ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා භාෂා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.

DELF A1 /A2 Preparatory Workshop
The DELF A1/A2 Preparatory Workshop was successfully conducted on 09th July 2026 via Zoom by the Department of Languages, for students learning French who are preparing for the DELF A1 and A2 examinations.
We extend our sincere gratitude to Ms. Sanduni Nipunika, Resource Person from Alliance Française de Kandy, for her informative and engaging session. We appreciate everyone who supported the organization of this workshop and the students who participated actively.

පොසොන් සැදැහැ ගී මියැසිය – 2026
බැතිබර ම මියැසිසර
හදගැබ ම පහන් කර
සුගැයූ
ගීතානුමෝදනාව
පොසොන් සැදැහැ ගී මියැසිය – 2026
2026 ජුනි 01 වන දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය ප්‍රධාන දොරටුව අබියස දී ඉතා සාර්ථකව පවත්වන ලදි.
ඒ සඳහා සහයෝගය දැක්වූ අධ්‍යයන, අනධ්‍යයන, ශිෂ්යවිද්යාර්ථී සියලු දෙනාට සහ පැමිණි සියලු ම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය!
භාෂා අධ්‍යයනාංශය
සමාජීයවිද්‍යා හා මානවශාස්ත්ර පීඨය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

Rajarata Bollywood Evening

සංකථන

Guest Lecture Series



























Events for Students
දිය කැට පහණ – මංගල දියවර
නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගය – 2022
සම්මාන ප්‍රදාන රාත්‍රිය

දිය කැට පහණ ගායනාභිෂේකය

දිය කැට පහණ සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමී ග්රන්ථ එළිදැක්වීම


ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය භාෂා අධ්‍යයනාංශය මගින් සංවිධානය කෙරෙන නිර්මාණ හා සාහිත්‍ය විචාර තරගය – 2022
රජරට විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථින්ගේ නිර්මාණාත්මක හා විචාරාත්මක කුසලතා ඇගයීමේත්, වැඩිදියුණු කිරීමේත් අරමුණින් මෙම තරගය සංවිධානය කෙරේ.
පහත සඳහන් තරග අංශ යටතේ නිර්මාණ භාරගැනේ.
- කාව්‍ය නිර්මාණ
- කෙටිකතා නිර්මාණ
- ගීත නිර්මාණ
- කෙටි නාට්‍ය පිටපත්
- සාහිත්‍ය විචාර
- ඡායාරූප
- ගායන (Cover versions of songs)
තරග අංශ පිළිබඳ තොරතුරු
කාව්‍ය නිර්මාණ
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ සඳැස්, නිසඳැස්, කෙටි කවි ඇතුළු ඕනෑම ආකෘතියක කාව්‍ය නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.
කෙටිකතා නිර්මාණ
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ කෙටිකතා නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.
ගීත නිර්මාණ
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ නව ගීත නිර්මාණයක් ඉදිරිපත් කළ හැකිය.
කෙටි නාට්‍ය පිටපත්
අභිමත ඕනෑම මාතෘකාවක් යටතේ කෙටි නාට්‍ය පිටපතක් ඉදිරිපත් කළ හැකිය.
සාහිත්‍ය විචාර
අභිමත ඕනෑම කවි පන්තියක්, කෙටිකතාවක්, නවකථාවක්, වේදිකා නාට්‍යයක්, ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් පිළිබඳ විචාරයක් ඉදිරිපත් කළ හැකිය. ඔබ කැමති නම් යම් විචාරවාදයක් යටතේ මෙම විචාර ඉදිරිපත් කළ හැකිය. උදා: ස්ත්‍රීවාදය, මනෝවිශ්ලේෂණවාදය…
ඡායාරූප
ඡායාරූපකරණයේ යෙදෙන ඔබ විසින් ගන්නා ලද එක් ඡායාරූපයක් මෙම තරග අංශය යටතේ ඉදිරිපත් කළ හැකිය.
ගායන (Cover versions of songs)
ගායනයේ යෙදෙන ඔබ විසින් කරන ලද ගායනයක් (A cover version of a song) පැහැදිලි පටිගත කිරීමතින් යුතුව ඔබේ මුහුණ පෙනෙන පරිදි කරන ලද වීඩියෝවක් වශයෙන් මෙම තරග අංශය යටතේ ඉදිරිපත් කළ හැකිය.
පොදු කොන්දේසි හා තොරතුරු
– සියලුම නිර්මාණ මාර්ගගත ක්‍රමයට භාරගැනේ.
– එක් අයදුම්කරුවකුට ඕනෑම තරග අංශයක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, එක් තරග අංශයක් සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ එක් නිර්මාණයක් පමණකි.
– සිංහල හා ඉංග්‍රීසි යන මාධ්යද්වයෙන්ම නිර්මාණ භාරගැනේ.
– කාව්‍ය නිර්මාණ, කෙටිකතා නිර්මාණ, කෙටි නාට්‍ය පිටපත් හා සාහිත්‍ය විචාර පහත නිර්දේශවලට අනුකූලව Doc සහ PDF මෘදු පිටපත් වශයෙන් ඉදිරිපත් කළ යුතුය.
- පිටුවේ සැකසුම – A4 size, Normal margins
- අක්ෂර වර්ගය හා ප්‍රමාණය – FMAbhaya/ Times New Roman, Size 12
- පේළි අතර පරතරය – 1.5
- පිටු අංකනය කර තිබිය යුතුය.
– නිර්මාණ අන්තර්ගතයේ ඔබගේ නම ඇතුළු පෞද්ගලික තොරතුරු කිසිවක් සඳහන් නොකළ යුතු අතර, මේ සමග ඇති අයදුම්පත්‍රය හෝ විචාරය පුරවා ඔබගේ නිර්මාණය සමග අමුණා ඉදිරිපත් කළ යුතුය.
– ඔබ විසින් එවන ලද නිර්මාණය හෝ විචාරය ස්වකීය නිර්මාණයක් හෝ ස්වකීය නිර්මාණයක් නොවන බව හෙළිදරව් වුවහොත් නිර්මාණය හෝ විචාරය අවලංගු වන අතර, යම් හෙයකින් නිර්මාණයක් හෝ විචාරයක් ජයග්‍රහණය ලද පසුව එවැනි හෙළිදරව් වීමක් සිදු වුවහොත් එම ජයග්‍රහණය අවලංගු වේ.
– ඔබගේ නිර්මාණ හා විචාර අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය මණ්ඩලයක් විසින් විනිශ්චයට බඳුන් කෙරේ. ජයග්‍රාහී සාහිත්‍ය නිර්මාණ අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය මණ්ඩලයක් විසින් සංස්කරණයට ලක් කෙරෙන අවස්ථාවලදී එම සංස්කරණ යෝජනා පිළිගැනීමට අයදුම්කරුවෝ බැඳී සිටිති.
– ගායන තරග අංශය (Cover versions of songs) යටතේ ඉදිරිපත් කරනු ලබන නිර්මාණ අතුරින් තෝරාගනු ලබන ගායන උත්සව දිනයේ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නැවත සජීවීව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තරග අංශයේ ජයග්‍රාහකයන් තේරීම සිදුකෙරෙනු ඇත. ඉදිරිපත් කරනු ලබන ගායන අතුරින් එසේ සජීවීව ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන ගායන පිළිබඳ අදාළ තරගකරුවන් දැනුම්වත් කෙරේ.
– සියලුම අංශ යටතේ ප්‍රථම ස්ථානය ලබාගන්නා නිර්මාණ හා විචාරවලට ත්‍යාග, ඵලක හා සහතිකපත්‍ර පිරිනැමෙන අතර දෙවන හා තෙවන ස්ථාන සඳහා සහතිකපත්‍ර පිරිනැමේ. ජයග්‍රාහී කාව්‍ය නිර්මාණ, කෙටිකතා නිර්මාණ, කෙටි නාට්‍ය පිටපත්, සාහිත්‍ය විචාර හා ඡායාරූප 2022 මාර්තු මස 22වන දින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමා, ප්‍රවීණ කලාකරුවන් සහ විචාරකයන්ගේ සහභාගීත්වයෙන් e-නිර්මාණ සංග්‍රහයක් ලෙස එළිදැක්වෙන අතර, ජයග්‍රාහී ගායන (Cover versions of songs) හා ඡායාරූප ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ නිල Facebook පිටුවේ, නිල YouTube නාලිකාවේ සහ තවත් මාධ්‍ය ජාලවල පළ කරනු ලැබේ. ජයග්‍රාහී ගීත නිර්මාණ ලංකාවේ ප්‍රසිද්ධ හා සම්භාව්‍ය ගායකයින් ලවා ගායනය කරවා එළිදැක්වෙනු ඇත. ගායන අංශය යටතේ හඳුනාගන්නා කුසලතාපූර්ණ තරගකරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට උත්සව දිනයේ ස්වකීය ගායන වාදන කුසලතා එළිදැක්වීමේ අවස්ථාව හිමි වේ.
– ඔබගේ නිර්මාණ හෝ විචාර නිවැරදිව පුරවන ලද අයදුම්පත සමග පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. විද්‍යුත් ලිපියේ මාතෘකාව (Subject) ලෙස ඔබ ඉදිරිපත් වන තරග අංශය සඳහන් කරන්න.
rusllanguagesinetcommunity@gmail.com
– නිර්මාණ හා විචාර භාරගැනීමේ අවසාන දිනය 2022 මාර්තු මස 10වන දින වේ.
අයදුම්පත්‍රය සහ උපදෙස් පත්‍රය මෙතැනින් බාගත කරගන්න.

