4th Undergraduate Research Symposium on Social Sciences and Humanities November 2024 (URSSSH-2024)

නැගී එන තරුණ පර්යේෂකයන්ට ඔවුන්ගේ නව්‍ය පර්යේෂණ, සොයාගැනීම් ඉදිරිපත් කිරීමට සහ අදාළ දැනුම බෙදා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය විසින් සංවිධානය කරන සමාජීය විද්‍යා සහ මානවශාස්ත්‍ර පිළිබඳ සිව්වන උපාධි අපේක්ෂක පර්යේෂණ සම්මන්ත්‍රණය 2024 (URSSSH-2024), 2024 නොවැම්බර් 26 වන දින පැවැත්වේ. පර්යේෂණ සමුළුවට පර්යේෂණ සාරාංශ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.

🔰 ශ්‍රී ලංකාවේ පිළිගත් ඕනෑම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරණ ප්‍රථම උපාධි අපේක්ෂකයන්හට පර්යේෂණ සාරාංශ ඉදිරිපත් කළ හැකිය.

🔰 මාධ්‍යය – සිංහල/ ඉංග්‍රීසි

🔰 පර්යේෂණ සාරාංශ බාර ගැනීමේ අවසන් දිනය – 2024 සැප්තැම්බර් 10

🔰 පර්යේෂණ සාරාංශ ඉදිරිපත් කළ හැකි සම්මන්ත්‍රණ උප තේමා

⦿ පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය සහ ඉතිහාසය

⦿ සන්නිවේදන සහ ජන මාධ්‍ය

⦿ ආර්ථික විද්‍යාව, ව්‍යවසායකත්වය සහ කළමනාකරණය

⦿ පරිසර කළමනාකරණය, භූගෝල විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය

⦿ අධ්‍යාපනය සහ නව්‍ය භාවිතයන්

⦿ තොරතුරු පද්ධති සහ කළමනාකරණය

⦿ භාෂාව, සාහිත්‍යය සහ සංස්කෘතිය

⦿ සමාජ විද්‍යාව, මානව විද්‍යාව සහ අපරාධ විද්‍යාව

⦿ සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය

පර්යේෂණ සාරාංශ යොමු කිරීම හා අදාළ ආකෘති බාගත කිරීම සඳහා පහත ලින්ක් එක භාවිත කරන්න.

අපගේ වට්ස්ඇප් සමූහයට එකතුවන්න

https://chat.whatsapp.com/Hr7DrFMqhUJ9tA52OXAPdB